Posts

ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවැරදිව අකුරු ලියන ආකාරය

Image

ඔබ අසා නැති ස්ත්‍රී ලිංග පද ක්‍රීඩාවක් ලෙසින්...

ක්‍රීඩාව ආරම්භ කිරීමට start බොත්තම click කරන්න

අපේ මුතුන් මිත්තන් විසින් ‍ප්‍රෞඩත්වයෙන් භාවිතා කළ හුණු කිල්ලෝටය

Image
හුණු කිල්ලෝටය යනු බුලත්විට කෑම සඳහා භාවිතයට ගැණුනු හුණු, ගබඩා කොට තබා ගැනීමට අපේ මුතුන් මිත්තන් විසින් විසින් භාවිතා කරන ලද සරල මෙවලමකි.  එය එකල බුලත් මඩිස්‌සලය, බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) තුල අනිවාර්යයෙන්ම දැක ගත හැකි වූ අංගයක් ලෙස සැළකේ. හුණු කිල්ලෝට බොහෝ විට තඹ, රිදී හෝ පිත්තල වලින් නිපදවනු ලබන අතර, කලාතුරකින් යකඩ හෝ වානේ වලින්ද තනනු ලැබේ. බොහොමයක් කිල්ලෝට වල ඊට සම්බන්ද දම්වැලක් හා එහි අග හුණු ගැනීම සඳහා තල කොටසක් පවතී. මෙය අතීත ගැමියන් විසින් ගෞරවයෙන් භාවිතා කළ බවට සැලකේ. කිල්ලෝටයේ වටිනාකම මොනවට විදහා පාමින් අතීතයේ තේරවිලි කවිද සකස් වී ඇත. ඉස්සර පියා බඩු සරිකර තියා පියා ඊළග පියා එතනම වහ තියා පියා අතු අග පියා ලොව සැමටම බෙදා පියා තේරු කෙනෙකුගේ දිව අග තියා පියා පෙර සිට පැවත එන බඩුවක් වෙන්ට ඇති පරසිදු ලෙස සැම ගේතුළ වාස ඇති එම බඩුවේ වලිගේ කොන තලේ ඇති මෙතුන් පදේ කිල්ලෝටෙට වෙන්ට ඇති

Shilpayaathra IQ Test 02

Image
අපේ Facebook සමූහය හා එක්වන්න අපේ Facebook පිටුව එක්වන්න

Shilpayaathra IQ Test 01

Image
අපේ Facebook සමූහය හා එක්වන්න අපේ Facebook පිටුව එක්වන්න

ශිෂ්‍යත්වයට අත්වැලක් - ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය - Emblem of Sri Lanka

Image
වර්ථමාන රාජ්‍ය ලාංඡනය 1972 සිට භාවිතයේ පවතී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර රාජ්‍ය ලාංඡනය ලෙස භාවිත වුයේ සිංහයන් දෙදෙනා සහිත බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනයයි. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වත්මන් රාජ්‍ය ලාංඡනය හඳුන්වා දෙන ලදි. 1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම නිමිති කර ගෙන ජනරජ දින උත්සවය සැමරීම සඳහා රාජ්‍ය ලාංඡනයක් සැකසීමට පහත පරිදි විද්වත් පිරිසකින් සමන්විත කමිටුවක් පත් කෙරිණි. නිශ්ශංක විජේරත්න  ආචාර්ය නන්දදේව විජේසේකර  ආචාර්ය සෙනරත් පරණවිතාන  එච්.ආර්.පෙ‍්‍රමරත්න  රෝලන්ඩ් සිල්වා  ආචාර්ය මැකී රත්වත්තේ  මහගමසේකර සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මෙන් ම රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නිශ්ශංක විජයරත්න මැතිතුමාගේ මග පෙන්වීම හා උපදෙස් මත චිත්‍ර ශිල්පී එස්. එම්. සේනාරත්න විසින් රාජ්‍ය ලාංඡනය නිර්මාණය කළේ ය. රාජ්‍ය ලාංඡනයේ වර්ණ යෙදීම සඳහා මාපලගම විපුලසාර හිමියන්ගේ ද උපදෙස් ලැබිණි. රාජ්‍ය ලාංඡනයේ ඇති සංකේත මගින් හැඳින්වෙන අර්ථයන් පහත දක්වා ඇත. ඉර සහ හඳ - ඉරහඳ පවතිනතාක් ධර්මයේ සහ ජාතීන්ගේ ආරක්‍ෂාව. නෙළුම් පෙති - නිර්ම