අපේ මුතුන් මිත්තන් විසින් ‍ප්‍රෞඩත්වයෙන් භාවිතා කළ හුණු කිල්ලෝටය


හුණු කිල්ලෝටය යනු බුලත්විට කෑම සඳහා භාවිතයට ගැණුනු හුණු, ගබඩා කොට තබා ගැනීමට අපේ මුතුන් මිත්තන් විසින් විසින් භාවිතා කරන ලද සරල මෙවලමකි. 

එය එකල බුලත් මඩිස්‌සලය, බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) තුල අනිවාර්යයෙන්ම දැක ගත හැකි වූ අංගයක් ලෙස සැළකේ. හුණු කිල්ලෝට බොහෝ විට තඹ, රිදී හෝ පිත්තල වලින් නිපදවනු ලබන අතර, කලාතුරකින් යකඩ හෝ වානේ වලින්ද තනනු ලැබේ. බොහොමයක් කිල්ලෝට වල ඊට සම්බන්ද දම්වැලක් හා එහි අග හුණු ගැනීම සඳහා තල කොටසක් පවතී.

මෙය අතීත ගැමියන් විසින් ගෞරවයෙන් භාවිතා කළ බවට සැලකේ.

කිල්ලෝටයේ වටිනාකම මොනවට විදහා පාමින් අතීතයේ තේරවිලි කවිද සකස් වී ඇත.

ඉස්සර පියා බඩු සරිකර තියා පියා
ඊළග පියා එතනම වහ තියා පියා
අතු අග පියා ලොව සැමටම බෙදා පියා
තේරු කෙනෙකුගේ දිව අග තියා පියා

පෙර සිට පැවත එන බඩුවක් වෙන්ට ඇති
පරසිදු ලෙස සැම ගේතුළ වාස ඇති
එම බඩුවේ වලිගේ කොන තලේ ඇති
මෙතුන් පදේ කිල්ලෝටෙට වෙන්ට ඇති



Comments

Popular posts from this blog

වැදි භාෂාවේ භාවිතා වන වචන

ශිෂ්‍යත්වයට අත්වැලක් - ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය - Emblem of Sri Lanka

ශිෂ්‍යත්වයට ධීවර භාෂාව