ශිෂ්‍යත්වයට ධීවර භාෂාව


  1. කෝඩුකාරයා - මුලින්ම මුහුදු ගමනක යෙදෙන පුද්ගලයා
  2. අම්බාවෝ - දැල අදින පිරිස 
  3. අවල - ඔරුවේ පසුපස හබල් දෙක
  4. ඇණිය - ඔරවේ පසුපස කොටස
  5. ඉයත්තව - කාලගණය
  6. ඔරු පල්ල - ඔරු පතුලේ හරස් ආකාරයට දමා ඇති ලී කඳ
  7. කටු ගල - නැංගුරමේ ගල
  8. කෙවුලා - මසුන් මරන්නා
  9. කෝසු කිරීම - දැල ඇකිලීම 
  10. ගොයියා - රුවල
  11. ජාලය - දැල 
  12. තලා දීම - අහස ගෙරවීම 
  13. දැඩියාව - අව්ව
  14. දියඹ - මුහද
  15. දියඹට යනවා - ඈත මුහුදේ මසන් මැරීමට යාම
  16. දුවන්න යනවා - ඔරුව පැදවීම
  17. පන්න කරනවා - මෙයින් මසුන් මරනවා
  18. බාදිය - රළ වේගය අඩු කාලය
  19. මඩිය - දැලේ මැද ඇති මාළු ටික
  20. මූඩලේ - වැහි වලා ඇවිදින් අහස අඳුරු වීම
  21. යටිල - ඔරුවේ ඉදිරිපස හබල් දෙක 
  22. ලෙල්ලම - මාළු විකුණන ස්ථානය
  23. වල ඔරු - විශාල ඔරු
  24. සාය - හුලං හමන දිශාව
  25. සුරාවලිය - මුදුදේ රළ ගමන් කරන දිශාව
  26. හරස්කඩ - ඉර උදාවන්නට කලින් පෙනෙන ආලෝකය

ඔබට හෝ ඔබේ දුවට පුතාට යමක් ඉගෙන ගැනීමට හැකි වූවා නමි අනෙකාගේ හිත සුව පිණිස මෙය Share කරන්න (කිසිදු ලාභ අපේක්‍ෂාවකින් තොරව අපේ දුවා දරුවන්ට සෙනෙහසින් ලබා දෙන අධ්‍යාපනික අත්වැලකි)

Comments

Popular posts from this blog

වැදි භාෂාවේ භාවිතා වන වචන

ශිෂ්‍යත්වයට අත්වැලක් - ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය - Emblem of Sri Lanka